තුර්කියේ හිම කුණාටුවකින් 26 ක් මරුට


තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ කඳු බෑවුමක ඇති වූ හිම කුණාටුවක් හේතුවෙන් 26 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

තවත් පුද්ගයින් 50 දෙනෙකු පමණ ඔවුන් ගමන්ගත් වාහන වල සිරවී සිටින බවද බලධාරීහු පවසති.

මියගිය අය අතර පොලිස් නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන්, ගිනි නිවන භටයෙකු සහ සාමාන්‍ය වැසියන් ගණනාවක් සිටින බව සඳහන් වේ.

සෙවීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවත් මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවත් තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

මුදවාගැනීමේ කටයුතු සඳහා 300 ක පමණ පිරිසක් යොදවා ඇත.

මීදුම සහ හිම පතනයන් හේතුවෙන් ගලවාගැනීමේ මෙහෙයුම් වලට බාධා එල්ලවී ඇති නමුත් 30 දෙනකු පමණ මුදවාගත් බව ඔවුහු සඳහන් කරති.

මෙම ප්‍රදේශයේම දින දෙකකට පෙර ඇතිවූ හිම කුණාටුවක් හේතුවෙන් ‍පස්දෙනකු මියගොස් දෙදෙනකු අතුරුදන්ව තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)