තුවාල ලැබූ නෂීඩ්ගේ තත්ත්වය බරපතලයි


බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු කතා නායකවරයා ද වන මොහොමද් නෂීඩ්ගේ තත්ත්වය බරපතල යැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.‍

මොහොමද් නෂීඩ් සැත්කම් කීපයකට භාජන කළ බව ද වාර්තා වේ.

මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයකු ලෙස නෂීඩ් සැලකෙයි.

ඊයේ (6) රාත්‍රියේ 53 හැවිරිදි නෂීඩ්, සිය නිල නිවස ඉදිරිපිටදී, සිය මෝටර් රථයට ගොඩ වෙද්දී, ඒ අසල තිබූ යතුරු පැදියක ඇටවූ බෝම්බය පුපුරා ගියේය.

(අල් ජසීරා)