බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 300 ක් දක්වා ඉහළ යා හැකි බව රුසියාව අනතුරු ඇඟවීමක් කළේය.
පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක වෙළඳපොළට රුසියාව ලබා දෙනු ලැබූ බලශක්ති නිෂ්පාදන සැපයුම සීමා ක්‍රමින් තහනමක් පැනවූ අතර ඒ හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 300 ක් දක්වා ඉහළ යා හැකි බව රුසියාව අනතුරු අඟවා තිබේ.
රුසියාවේ බොරතෙල් තහනම සම්බන්ධයෙන් යුරෝපා රටවල් ස්ථාවරයන් දෙකක සිටින අතර මෙයට විරුද්ධ රටවල් පෙන්වා දෙන්නේ රුසියාව යුරෝපා රටවල බලශක්ති අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපයන අතර එක රැයකින් රුසියාවේ බොරතෙල් ප්‍රතික්ෂේප කළ නොහැකි බවය.
(රොයිටර්)