තෙල් සහ ගෑස්වලට රූබල්වලින් ගෙවන්න


රුසියානු ගෑස් සහ තෙල් සැපයුම්වලට රුසියානු රූබල්වලින් ගෙවීම් කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුරෝපයට අවසන් කාල විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එසේ නොකළොත්, ගෑස් සැපයුම් නතර කරන බව ජනාධිපති පුටින් තර්ජනය කර තිබේ. යුරෝපයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් සියයට 40 ක් සිදු කරන්නේ රුසියාවය. කෙසේ නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග එය අර්බුදයට ලක් වී තිබේ.

 රූබල්වලින් ගෙවීම් සිදු කරන ලෙස රුසියන් ජනාධිලති ව්ලැදිමීර් පුටින් යුරෝපා රටවලින් ඉල්ලා ඇත්තේ බටහිර සම්බාධක හමුවේ රූබලය කැපී පෙනෙන ලෙස පහත වැටීමත් සමගය.

ඇමරිකාව සහ කැනඩාව රුසියානු තෙල් සහ ගෑස් සඳහා සම්බාධක පැනවූවද යුරෝපීය රටවල් තවදුරටත් රුසියාවෙන් තෙල් සහ ගෑස් සැපයුම් ලබාගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)