දකුණු අප්‍රිකාව යළි රැම්පෝසාට


දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය යළිත් වරක් සිරිල් රැම්පෝසාට හිමි වී ඇත.

පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරය හිමි නොවිණි.

රැම්පෝසාගේ ජාතික කොංග්‍රස් පක්ෂය සහ මධ්‍ය-දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සහ කුඩා පක්ෂ කීපයක් හවුල් කර ගනිමින් හවුල් රජයක් පිහිටුවීමට තීරණය කර තිබේ.

එම රජයේ ජනාධිපති ධුරය රැම්පෝසාට හිමි වෙයි.

2018 වසරේ බල අරගලයකින් පසු ජනාධිපති ජේකොබ් සූමා වෙනුවට සිරිල් රාමපෝසා බලයට පත් වූ අතර, ජාතික කොංග්‍රස් පක්ෂය සෑම විටම සියයට 50 ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණි.

පසුගිය මැයි  මාසයේ පැවැති ජනාධිපතිවරණයේදී, සියයට 40 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු බහුතරය අහිමිවූ රාමපෝසා ජාතික කොංග්‍රසය, බලය පිළිබඳව අර්බුදයකට මුහුණ දී සිටියේය.