දකුණු අප්‍රිකාවේ ගෑස් කාන්දුවකින් 16 ක් මරුට


දකුණු අප්‍රිකාවේ, ජොහැන්ස්බර්ග් නගරයට නුදුරින්, පැල්පත් නිවාස සංකීර්ණයක සිදුවුණු ගෑස් කාන්දුවක් හේතුවෙන්, 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම පිරිස අතර කුඩා දරුවෝ ද බොහෝ දෙනෙක් වෙති.

ගෑස් කාන්දුව සිදුවූයේ එම පැල්පත් නිවාස සංකීරණය අසල සිදු කළ අනවසර කැණීම් නිසා යැයි බලධාරීහු පවසති. ගෑස් කාන්දුව හේතුවෙන් රෝගී වූ පිරිස් කඩිනමින් රෝහල්ගත කෙරුණි.