දකුණු අප්රිකාවේ රූ රැජින ලෙස මීයා ලෙ රොක්ස් නමැති බිහිරි තරුණියක් කිරුළ හිමිකරගත් බව එරට මාධය පවසයි. එම කිරුළ හිමිකරගත් පළමු බිහිරි තරුණිය ලෙස මියා වාර්තා අතරට ද එක් වී සිටින්නීය.
28 හැවිරිදි මීයා, ශ්රවණ දුර්වලතාවයකින් පෙළෙන බව හඳුනාගෙන තිබුණේ ඇයට වයස අවුරුද්දක් පමණ වන විටදීය. ඇයට ශබ්දය හඳුනා ගැනීම පහසු කිරීම සඳහා ශ්රවණ උපකරණයක් සවිකර ඇති බව සඳහන් ය.
මීයාට සිය කථන හැකියාව ඇතිකර ගැනීම සඳහා වසර දෙකක් පමණ වෙහෙසීමට සිදුවුණු බව ද වාර්තා වේ. මීයා නිරූපිකාවක් ලෙසත් වෙළෙඳ කළමනාකාරිනියක් ලෙසත් සේවය කරයි.