දකුණු අප්‍රිකාවේ සොවේතෝ නගරයේ තැබෑරුමකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් කළ වෙඩි තැබීම්වලින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 9 කි.
සන්නද්ධ කණ්ඩායම, රයිෆල් සහ පිස්තෝලවලින් සන්නද්ධව සිටි පැවැසෙයි. වෙඩි තැබීම සිදුවූයේ ඊයේ (10) අලුයම් කාලයේය. ඒ වනවිට තැබෑරුම පිරී තිබුණු බව ද පැවැසෙයි.
වෙඩි තැබීම කළ පිරිස පලා ගිය බවත්, එය පෞද්ගලික ආරවුලක් විය හැකි බවත් පොලිසිය සැක කරයි. වෙඩි තැබීම කළ පුද්ගලයන් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
(රොයිටර්)