ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන උපදේශක ලෙස සැලකෙන ඇලෙක්සැන්දර් දුගින්ගේ 29 හැවිරිදි දියණිය දර්යා දුගීනා ඝාතනය කළේ යුක්රේනය යැයි රුසියන් රජය චෝදනා කරයි.
දර්යා දුගීනා, මියගියේ ඇය පදවමින් සිටි මෝටර් රථය පුපුරා යෑමෙනි. මෝටර් රථයට බෝම්බයක් අටවා තිබුණු බවත් එසේ කළේ යුක්රේන හමුදාවේ විශේෂ සේවා බලඇණියට සම්බන්ධ නිලධාරීන් බවත් රුසියන් ෆෙඩරල් ආරක්ෂක සේවය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි ද පැවැසෙයි.
බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය දර්යා දුගීනා නොව, පුටින්ගේ ප්‍රධාන උපදේශක මෙන්ම, ඔහුගේ මහ මොළකරු ලෙස ද සැලකෙන ඇලෙක්සැන්දර් දුගින් යැයි සැක කෙරේ.
රුසියානු ජනාපධිති පුටින්, තීන්දු තීරණ ගන්නේ ඇලෙක්සැන්දර් දුගින් ලබා දෙන උපදෙස් පිළිපඳිමිනි, රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ ද ඇලෙක්සැන්දර් දුගින් දුන් උපදෙස් අනුවය.
(බීබීසී)