දරුවන් 577 දෙනකුට අම්මා තාත්තා නෑ


කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ දරුවන් දහස් ගණනකට මව හෝ පියා හෝ අහිමි වී ඇති බවත්, මවත් පියාත් අහිමිවුණු දරුවන් 577 දෙනකු පිළිබඳ විස්තර තමන්ට ලැබී ඇති බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.

මෙම දරුවන් 577 දෙනාට මව සහ පියා අහිමි වී ඇත්තේ පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට මැයි 25 වැනිදා තෙක් කාලය තුළදී යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේ මාපිය සෙනෙහස අහිමි දරුවන් නිසි ලෙස රැක බලා ගැනීම ඉතා වැදගත් බවත්, එසේ නොවුණහොත් ඔවුන් ලිංගික අපයෝජනයට, නොසලකාහැරීම්වලට ලක් වනු ඇති බවත් යුනිසෙෆ් සංවිධානය ඉන්දීය රජයට පෙන්වා දී තිබේ.

ඉන්දීය කාන්තා හා ළමා සුභසාධන අමාත්‍ය ස්ම්‍රිති ඉරානි පෙන්වා දී ඇත්තේ, මා පිය සෙනෙහස අහිමි වුණු දරුවන් රැක බලා ගැනීමේ වගකීම රජයට පැවැරෙන බවත්, එම වගකීමෙන් මිදීමට රජයට නොහැකි බවත්ය.

නවදිල්ලියේදීය (රොයිටර්)