දස දහස් ගණනින් මැකාවු එයි


ජාත්‍යන්තර කම්කරු දින නිවාඩුවේ දී, ලොව විශාලතම සූදු පොළ යනුවෙන් හැඳින්වෙන මැකාවු දූපත් වෙත චීන වැසියන් දහස් ගණනක් පැමිණ ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

චීනයේ විශේෂිත පරිපාලන කලාපයක් ලෙස පවතින මැකාවු හි කොවිඩ්-19 සීමා ඉවත් කිරීමට ඉකුත් ජනවාරි මාසයේ දී පියවර ගැනිණි. ඒත් සමඟ මෙලෙස මැකාවු දූපත් වෙත විශාල පිරිසක් එක්රැස්ව ඇත. මැකාවු දූපත්වලට මෙතරම් පිරිසක් රැස්වූයේ වසර තුනකට පසුවය ය.

මැකාවු දූපත් කලින් පෘතුගාලයට අයත්ව තිබූ අතර සෙනසුරාදා දිනයේදී ත් ඉරිදා දිනයේදීත් 100,000කට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණ ඇතැයි මැකාවු දූපත් හි මාධ්‍ය වාර්තා කර තිබිණි. රජයේ සංඛ්‍යාදත්ත උපුටා දක්වමින් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබූ අතර කලින් දිනවලට වඩා සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි. 

(රොයිටර්)