'කොවිඩ් 19' වයිරසය සදහා ප්‍රතිශක්තිකරණ එන්නත් අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ගත් තීරණයට විරෝධය දක්වමින් දින ගණනක් තිස්සේ ඔටෝවා අගනුවර විරෝධතා පවත්වන ට්‍රක් රථ රියැදුරු සංගම් ඇමැතීමට කැනඩා අග්‍රාමාත්‍ය ටෘඩෝ කටයුතු කළේය.
'දැන් ඇති. ඔබේ අකමැත්ත අපට පැහැදිලියි. දැන් ඉතිං ගෙදර යන්න' යැයි අග්‍රාමාත්‍යවරයා රියදුරු සංගම්වලින් ඉල්ලීමක් කළේය.
තවදුරටත් විරෝධතාවල නියැලී පොලිස් අත්අඩංගුවට පත්වී, අපරාධකරුවන් බවට පත් වී රියැදුරු බලපත්‍ර අහිමි කර ගැනීමට හෝ රැකියා අහිමි කර ගැනීමට හෝ කටයුතු නොකරන්නැයි ද අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ට්‍රක් රථ සංගම්වලින් ඉල්ලා ඇත.
අග්‍රාමාත්‍යවරයා විරෝධතා නවත්වන්නැයි ට්‍රක් රථ සංගම්වලින් ඉල්ලා සිටියේ දහස් ගණනින් සහභාගි වන එම විරෝධතා හේතුවෙන් අගනුවර දෛනික කටයුතු අඩපණ වී ඇති බැවිනි. ඔටෝවා අගනුවර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
(බීබීසී)