ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 ට වැඩිය.
ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ එම දැවැන්ත දැන්වීම් පුවරුව තද සුළං තත්ත්වයක් හේතුවෙන්, කඩා වැටුණේ මාර්ගයේ ගමන් කරන මෝටර් රථ මතටය. අනතුරින් මෝටර් රථ රැසකට ද හානි සිදුවිය.
අදාළ දැන්වීම් පුවරුව නීත්‍යානුකූළ අවසරයකින් සවිකර තිබුණා ද නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහාරාෂ්ට මහ ඇමැති නියෝග කර තිබේ. මුම්බායි අයත් වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයටය.