දැවැන්ත ග්‍රහකයක් අද (21) පෘථිවිය අසලින් යෑමට නියමිත බවත්, මෙම ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
මෙම වසරේ පෘථිවිය අසලින් ගිය සහ යෑමට නියමිතව ඇති ග්‍රහක අතරින් විශාලතම ග්‍රහකය ලෙස මෙම ග්‍රහකය සැලකෙයි.
විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ 2001 FO32 යන නමිනි. මෙය පෘථිවිය අසලින් යනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන දෙකක් දුරිනි. එය සඳ සහ පෘථිවිය අතර දුර මෙන් පස් ගුණයකි.
2001 FO32 ග්‍රහකයේ විෂ්කම්භය මීටර් 680 ක් යැයි අනුමාන කෙරේ.
2001 FO32 ග්‍රහකයේ ගමන් මඟ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ග්‍රහකය සම්බන්ධයෙන් බියක් අති කර ගැනීමට අවශ්‍ය නැති බවත්, එය පෘථිවියේ හැපීමේ ඉඩක් නැති බවත්ය.
තාරකා විද්‍යාඥයන්ට 2001 FO32 ග්‍රහකය හමුවී ඇත්තේ 2001 වසරේදීය. 2001 FO32 ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ පැයට කිලෝ මීටර් 1,24,000 ක වේගයකිනි. මෙම දැවැන්ත ග්‍රහකය යළි පෘථිවිය අසලින් යනු ඇත්තේ 2025 වසරේදීය.
(රොයිටර්)