දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය දෙසට එනවා


අඩි 1,608 ක් පළල යෝධ ග්‍රහකයක්, පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත් එය පෘථිවියේ හැපෙනු ඇති බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

කෙසේ නමුත් නාසා ආයතනය පෙන්වා දී ඇත්තේ ග්‍රහකය පෘථිවියේ හැපීමට කිසිදු ඉඩක් නොමැති බවය. තාරකා විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 388945 යනුවෙනි. ග්‍රහකය පෘථිවියේ සිට සැතපුම් මිලියන 2.5 ක දුරකින් සඳ සහ පෘථිවිය අසලින් ගමන් කරනු ඇත. මෙම ග්‍රහකය මීට පෙර 2020 මැයි මාසයේ ද පෘථිවිය අසලින් ගමන් කර තිබේ.

ලබන 2024 වසරේදීත් ඉන්පසු 2163 දීත් 388945 ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරනු ඇතැයි නාසා විද්‍යාඥයන් ගණනය කිරීම් අනුව පැහැදිලි කර තිබේ.

(රොයිටර්)