ඉදිරි දින 90 ඇතුළත තලේබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අත්පත් කරගනු ඇතැයි ඇමෙරිකන් හමුදා බුද්ධි අංශ අනතුරු අඟවයි.
මේ වනවිට ඇෆග්නිස්තානයේ පළාත් 11 සහ නගර 8 ක් මුළුමනින්ම පවතිනින්නේ තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේය.
ඉදිරි දින 30 ඇතුළත තලේබාන් ත්‍රස්තවාදීන් කාබුල් අගනුවර වට කරනු ඇති බවත්, දින 90 ක් යෑමට පෙර, අගනුවර සම්පූර්ණ බලය ඔවුන් අතට පත් වනු ඇති බවත් ඇමෙරිකන් බුද්ධි අංශ වැඩි දුරටත් අනතුරු ඇඟවීම් කර තිබේ.
මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් සියයට 65 ක් සම්පූර්ණයෙන් ම තලේබාන්වරුන් විසින් අල්ලා ගනු ලැබ ඇති බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
තලේබාන්වරුන් මෙසේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ඇමෙරිකා සහ නේටෝ හමුදා ඔවුන්ගේ සියලු මෙහෙයුම් අවසන් කර, ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟය.
(රොයිටර්)