ඉන්දියාවේ අගනුවර වන දිල්ලි ඇතුළු ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අධික ලෙස ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.
ඊයේ (26) දිල්ලි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.6ක් දක්වා ඉහල ගිය අතර රාජස්ථාන් ප්‍රාන්තයේ චුරු නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් ලෙස දැක්විණ.
කාළගුණික අංශ පවසන්නේ උණුසුම් වායු ධාරාවක් හමා යෑම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇති බවයි.
පසුගිය සතියේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ හරහා හමා ගිය අම්ෆන් සුළි කුණාටුවේ අතුරු බලපෑමක් ලෙස උෂ්ණත්වය ඉහල යෑම සිදුවී ඇතැයි ද ඔවුහු පවසති.
මෙය දශක ගනනාවකට පසු දක්නට ලැබුණු ඉහලම උෂ්ණත්ව වැඩිවීම බව කාළගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
සෑම විටම නිවෙස් තුළට වී සිටින ලෙසත් ජලය වැඩිපුර පානය කරන ලෙසත් ජනතාවට උපදෙස් දි තිබේ.
ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ කොවිඩ් - 19 වසංගතයට ගොදුරු වී ඇති අතර තවත් සමහර ප්‍රදේශ පළඟැටි උවදුරෙන් ද පීඩා විඳින බව මාධ්‍ය වාර්තා කර තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
දිල්ලි නුවර දැඩි උණුසුම් කාලගුණයක්
Recommended Articles