දීවාලි සැමරුම්වලින් පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විෂ දුමාරයකින් වැසී ඇති බවත්, නගරයේ වායු දූෂණය අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බවත් වායු ගෝලයේ ගුණාත්මකභාවය අධ්‍යයනය කරන ‘අයි.කියු එයාර්’ ජාත්‍යන්තර සමාගම අනතුරු අඟවයි.
ලොව වායු දූෂණය අතින් ඉදිරියෙන්ම සිටින නගරයක් ලෙස නවදිල්ලිය සැලකෙයි. මේ නිසාම දීවාලි සැමරුම් සඳහා ගිණිකෙළි තහනම් කිරීමට දිල්ලි බලධාරීන් පියවර ගෙන තිබේ.
ගිණිකෙළි ළඟ තබා ගැනීම සහ දැල්වීම තහනම් කර තිබියදී පවා නවදිල්ලි වැසියන් අලුයම් කාලයේ ඒවා දල්වමින් දීවාලි සැමරුම් පැවැත්වූ බව පොලිසිය පවසා ඇත. නවදිල්ලියේ ජනගහනය මිලියන 20 කි. දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් පවසා ඇත්තේ වායු දූෂණය අවම කිරීම සඳහා ගත් සෑම උත්සාහයක්ම මේ වනවිට අසාර්ථක වී ඇති බවය.
(එන්.ඩී.ටීවී.)