මීට සති දෙකකට පෙර සිදුවූ ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් හතර දෙනකු ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ප්‍රකාශ කර ඇත.
මෙම දරුවන් හතර දෙනා අතර මාස 11 ක ළදරුවකුද සිටින බවත් ඉතිරි දරුවන් තිදෙනා අවුරුදු 13 ,9, 4 වයස්වල පසුවන්නන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
කොලොම්බියානු හමුදාවේ උත්සාහය හේතුවෙන් මෙම දරුවන් හතර දෙනා සොයා ගැනීමට හැකි වූ බවත් මෙම දරුවන් සෙවීම සඳහා සොල්දාදුවන් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් පුහුණුව ලැබූ සුනඛයන් සමඟ එකතු වූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
පසුගිය පළමු වැනිදා සිදු වූ ගුවන් යානා අනතුරෙන් නියමුවා සහ දරුවන්ගේ මව මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.කෙසේ වෙතත් ජනාධිපතිවරයා දරුවන් සොයා ගත් ස්ථානය පිළිබඳව පැහැදිලි තොරතුරක් ලබා දී නොමැත.
(එන්.ඩී.ටීවී.)