2009 වසරේ ජනවාරි පළමු වැනිදායින් පසු උපන් සියලු දෙනාට දුම්බීම තහනම් කරමින් සකස් කළ නව නීති පනත් කෙටුම්පතට නවසීලන්ත පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව, දුම් වැටි සම්බන්ධයෙන්, දැඩි නීතියක් සම්මත වන පළමු රට බවට නවසීලන්තය පත් වෙයි. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්ගේ රජය මේ අයුරින් නව නීති සකස් කරන්නේ 2025 දී නවසීලන්තය දුම්වැටිවලින් තොර රටක් බවට පත් කිරීම සඳහාය.
(එන්.ඩී.ටීවී.)