ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
දේශසීමා අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින්, ඉන්දියාවේ සහ චීනයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ. ඉන්දු චීන දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණය සඳහා වූ ක්‍රියාකාරී යාන්ත්‍රණය ලෙස මෙම කමිටුව හැඳින්වෙයි. කමිටුව රැස්වූයේ 29 වැනි වරටය.
ඊයේ (28) බෙයිජීං අගනුවරට පැමිණි ඉන්දීය නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ සම ලේකම්වරයාය. චීන නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දේශසීමා සහ සාගර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාය.
(එන්.ඩී.ටීවී.)