දේශසීමා නගරයක් මියන්මාර බෙදුම්වාදීන් අතේ


ඉන්දු මියන්මාර දේශසීමාවේ, ප්‍රධාන නගරයක් අල්ලා ගැනීමට මියන්මාර හමුදා රජයට එරෙහිව සටන් වදින, ‘අරකාන් හමුදාව’ යන නමින් ද හැඳින්වෙන, වාර්ගික බෙදුම්වාදීන් සමත් විය.

මියන්මාරයේ හමුදා ජුන්ාවට එරෙහිව සටන් වදින වාර්ගික සන්නද්ධ කණ්ඩායම් 3 කි. එයින් එකක් ලෙස සැලකෙන්නේ මෙම ‘අරකාන් හමුදාව’ ය. මේ වනවිට දේශසීමා ආශ්‍රිත පළාත් කීපයක් ඇත්තේ මෙම සන්නද්ධ බෙදුම්වාදීන්ගේ ග්‍රහණයේය.