දේශසීමාවේ චීන හමුදා සමඟ ගැටුමෙන් ඉන්දීය සෙබළු 20ක් මරුට


මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේදී චීන හමුදා සමඟ ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි එරට හමුදා අද (16) ප්‍රකාශ කළේය.

දශක ගණනාවකට පසු ඉන්දියාව සහ චීනය අතර සිදු වූ මාරාන්තිකම ගැටුම මෙය යි. දේශසීමා මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර තිබෙන ගැටුම් පසුගිය දින කිහිපයේදී උග්‍ර අතට හැරිණි.

අසල්වැසියන් වන ඉන්දියාව සහ චීනය න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියයි.

දේශසීමාවේ ඇති වූ ගැටුම්වලින් සිය සෙබළුවන් තිදෙනකු මරුමුවට පත්වූයේ යැයි ඉන්දීය හමුදා මුලින් නිවේදනය කළ නමුත් තවත් 17 දෙනකු මරණයට පත්ව ඇතැයි එම හමුදා පසුව නිවේදනය කළේය.

.එෆ්.පී. 

055