ධවල මන්දිරය අසල කලබලයක්


ධවල මන්දිරය අසල වාහන පරීක්ෂා කරන මුර කපොල්ලකදී, නවත්වන්නැයි අණ කළ මෝටර් රථයක්, අණ නොතකා, පදික මාරුවක ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු යට කළ බව වාර්තා වේ. එයින් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කල් ඉකුත්වූ ලියාපදිංචි අංකයක් සහිත එම මෝටර් රථය එහි නවත්වන ලෙස ආරක්ෂක අංශ අණ කළ විට එය නවත්වා ඇති අතර, නිලධාරීන් ඊට ළඟා වෙද්දී, රියදුරා නැවතත් වාහනය පණ ගන්වා පදික මාරුවේ සිටි පුද්ගලයන්ව අනතුරට ලක් කරමින් ධාවනය කළේ යැයි පැවැසෙයි.

පදිකයන් යට කිරීමෙන් පසු රියදුරා පලා ගිය බවත්, ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.