වඳුරු උණ (වඳුරු පැපොල) ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ, වඳුරු උණ ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ඇමෙරිකානුවන්ට බෙදා දීමට ධවල මන්දිරය තීරණය කර තිබේ.
ධවල මන්දිරය මෙම තීරණය ගත්තේ, ඇමෙරිකන් සෞඛ්‍ය අංශ එරට වඳුරු උණ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව, ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ට බෙදා දීම ඉදිරියේ දී සිදුවනු ඇති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊට අමතරව වඳුරු උණ ආසාදියන් සෙවීමේ වෛද්‍ය පරීක්ෂණ දිගටම සිදු කරන ලෙසත් ධවල මන්දිරය සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබේ.
මේ වනවිට ඇමෙරිකාවෙන් පමණක් වඳුරු උණ ආසාදියන් 306 ක් වාර්තා වෙයි. ගෝලීය වශයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 4,700 කි. රටවල් 50 කින් ආසාදිතයන් වාර්තා වේ. කෙසේ නමුත් තවමත් වඳුරු උණ මරණ වාර්තා වී නැත.
වඳුරු උණ යනු අප්‍රිකා රටවලට පමණක් සීමා වූ වයිරසයකි. මෙය වඳුරු උණ ලෙස හැඳින්වෙන්නේ වඳුරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී මනුෂ්‍යයන් අතරේ පැතිරෙන බැවිනි.
වඳුරු උණ වයිරසයේ ප්‍රභේද දෙකක් ඇති අතර, වඳුරු උණ ආසාදනය වූ පසු පැපොල වයිරස රෝගයේදී මෙන් සිරුරේ බිබිලි හට ගැනෙයි. වඳුරු උණ මාරක නොවන නමුත් එය ඉතා ඉක්මණින් ව්‍යාප්ත වීම සිදුවෙයි.
වඳුරු උණ වයිරසය අසාමාන්‍ය අයුරින් මෙසේ ලොව පුරා වේගයෙන් පැතිරීමට හේතුව සොයා ගැනීමට ද ජගත් සෞඛ්‍ය බලධාරීන් තවමත් සමත් වී නැත.
ආසාදිතයන්ගේ පසුබිම් වාර්තා අනුව, වඳුරු උණ ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගිකයන් අතරේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබේ.
(රොයිටර්)