ආරක්ෂක අංශ සාමාජිකයන් කලබලයට පත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ ගේට්ටුවට මෝටර් රථයක් කඩා වැදුණි.
ධවල මන්දිරය ඉදිරිපිට මාර්ග ඉදිරියෙන් රථ වාහන ධාවනය කෙරේ. ධවල මන්දිර ගේට්ටුව සහ ඒ අවට ආරක්ෂාව තර කර ඇත. මෝටර් රථය හිටිහැටියේ වේගයෙන් පැමිණ ගේට්ටුවේ හැපුණු බව පැවැසෙයි.
ගේට්ටුවේ හැපී නැවැතුණු මෝටර් රථය වට කර ගැනීමට ආරක්ෂක අංශ නිලධාරීහු වහා කටයුතු කළහ. ඔවුන් පැවැසුවේ ඒ වනවිටත් මෝටර් රථයේ රියදුරා මියගොස් සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දිගටම පැවැත්වෙයි.