බිරිඳට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා මුල්කොට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත් නොවන බව, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්වේස් පවසයි.
බිරිඳ බොගෝනාට දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි අධිකරණය නියෝග කළේ පසුගිය සතියේය. එම අවස්ථාවේදී, තමන් ධුරයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න අද (29) පවසන බව පේඩ්‍රෝ සැන්වේස් මාධ්‍ය හමුවේ කියා තිබුණි.
ස්පාඤ්ඤයේ 6 වැනි පිලිප් රජු ද හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ජනතාවගේ ඉල්ලීම සලකා තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමු නොගැනීමට තීරණය කළේ යැයි පේඩ්‍රෝ සැන්චේස් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.