නත්තල උදා වෙද්දී ඊශ්‍රායලය බෝම්බ දාලා


නත්තලට පෙර දින සැන්දෑවේ, ඊශ්‍රායල ගුවන් හමුදාව, ගාසා තීරයේ අල් මගාසී සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාර මාලාවකින්, පලස්තීන වැසියෝ 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.

ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ සරණාගත කඳවුරේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් තමන් පහර දුන් බවය. පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බවය.

ප්‍රහාරයෙන් විනාශ වුණු ගොඩනැගිලි සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීම ලහිලහියේ සිදුවෙමින් පවතී. ඊශ්‍රායල ගුවන් හමුදාව, මීට පෙර ද අල් මගාසී සරණාගත කඳවුරට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.