නත්තල් සාදයක වෙඩි තැබීමක්


මෙක්සිකෝවේ නත්තල් සාදයක් අතරතුරේ සිදුවුණු වෙඩි තැබීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 12 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි.

වෙඩි ප්‍රහාරය එල්ල වූයේ සැලවටෝර් පළාතේ පැවැති නත්තල් සාදයකටය. ආයුධ සන්නද්ධ හය දෙනෙකු ප්‍රහාරයට පැමිණ ඇතැයි පොලිසිය පවසයි. මෙය මෙක්සිකෝවේ අපරාධ කල්ලි දෙකක් අතරේ සිදුවුණු ගැටුමක් යැයි අනුමාන කෙරේ.