නයිජීරියා පාසල් සිසුන් පැහැර ගැනෙයි


නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායමක් එරට නිරතදිග කුරිගා නගරයේ පාසලක සිසුන් 280ක් පැහැර ගෙන ගොස් ඇත.

පැහැරගෙන ගැනීමට ලක්වුණු එම සිසුන් වයස අවුරු 8 ත් 15 ත් අතර පිරිසක් වන අතර, මීට දින කීපයකට පෙර ද මේ අයුරින් සිසුන් පැහැර ගැනවීමක් සිදුවුණු බව පැවැසෙයි.

පාසල් සිසුන් ක්‍රීඩාංගනයේ රැස්වී සිටියදී, සන්න්දධ පිරිස යතුරුපැදිවලින් පාසලට කඩා වැදුණු බවත්, ඉන්පසු ගිනි අවි පෙන්වා සිසුන් පැහැරගත් බවත් වාර්තා වේ.