නයිජීරියාවේ ජනාධිපතිවරණයක්


අප්‍රිකාවට අයත් නයිජීරියාවේ ජනාධිපතිවරණය ඊයේ (25) පැවැත්විණි.

ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාය.

නයිජීරියාවේ බලයේ සිටින්නේ ප්‍රගතශීලි කොංග්‍රසයයි. ප්‍රගතශීලි කොංග්‍රසය නියෝජනය කරන මුහම්මදු බුහාරි ජනාධිපති පිටපිට ධුරකාල තුනක් සම්පූර්ණ කර තිබේ.

නයිජිරියාවේ ව්‍යවස්ථාවට අනුව, ඔහුට යළි ජනාධිපති ධුරය අපේක්ෂා කළ නොහැකිය. ඒ අනුව, ප්‍රගතශීලි කොංග්‍රසය නියෝජනය කළ අපේක්ෂකයා බෝලා ටිනුබුය.

(රොයිටර්)