නව ඉරාන කොන්සල් කාර්යාලයක්


ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලහීන් අතින් සිරියාවේ ඩමැස්කස් අගනුවර නව කොන්සල් කාර්යාලයක් විවෘත කෙරුණි.

ඉරානය ඩමැස්කස් අගනුවර මේ අයුරින් නව කොන්සල් කාර්යාලයක් විවෘත කළේ, මීට පෙර පැවැති ඉරාන කොන්සල් කාර්යාලය ඊශ්‍රායල ප්‍රහාරයකින් විනාශ වීමෙන් පසුවය.

නව කොන්සල් කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද පැවැත්වුණු අතර, සිරියානු විදේශ අමාත්‍ය ෆයිසාල් මෙක්ඩෑඞ් ඇතුළු රජයේ නියෝජිතයෝ බොහෝ දෙනෙක් ද ඊට එක් වූහ.නව කොන්සල් කාර්යාලය විවෘත කිරීමෙන් පසු ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලහීන්, ඊශ්‍රායල ප්‍රහාරයෙන් විනාශ වුණු කොන්සල් කාර්යාලය පියිටි ස්ථානයට ගිය බව ද පැවැසෙයි.

ඊශ්‍රායලය එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත්, ඉරානය සුදුසු පරිදි ඊශ්‍රායලයට එරෙහිව පියවර ගනු ඇති බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා එම අවස්ථාවේ දී පැහැදිලි කළේය.

(ප්‍රෙස්ටීවී)