නව මාදිලියේ න්‍යෂ්ටික අවියක් අත්හදා බලයි


තමන් නව මාදිලියේ න්‍යෂ්ටික අවියක් අත්හදා බැලූ බවත්, එමගින් තම න්‍යෂ්ටික ශක්තිය තවත් තරකර ගැනීමට හැකිවුණු බවත් උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නව න්‍යෂ්ටික අවිය අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේය. උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සිදු කරන්නේ පුංග්ගේයි රී නමැති න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සිදු කරන ස්ථානයේය. මෙම නව අවිය එම ස්ථානයේ භූගතව සිදු කෙරුණු බව පැවැසෙයි.

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ආරම්භ කළේ 2006 වසරේදීය. කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමෙන් පසු න්‍යෂ්ටික අවි වැඩසටහන නැවැත්වීමට 2017 දී නායක කිම් ජොන් උන් තීරණය කළේය. ඉන්පසු උතුරු කොරියාව යළිත් වරක් න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කර ඇත.

(රොයිටර්)