ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරියේ සිදු වූ පිපිරීමකින් මෝටර් රථ කිහිපයකට හානි සිදු වූ බව පොලිසිය අද (29) පස්වරුවේ සඳහන් කළේය.
මෙම පිපිරීමෙන් කිසිවකුත් තුවාල ලබා නැති බව ද නවදිල්ලි පොලිසිය සඳහන් කළේය.
බෝම්බ පිපිරීමෙන් පසු තානාපති කාර්යාලය අවට දිස්ත්‍රික්කයට සීල් තැබීමට ආරක්ෂක අංශ පියවර ගත් අතර පිපිරීම සිදු වූ ස්ථානයට බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ පොලිසිය පැමිණි බව ද වාර්තා විය.
මෙම පිපිරීම සුළු පරිමාණ පිපිරීමක් බවත් ඉන් මෝටර් රථ තුනකට හානි වූ බවත් නවදිල්ලි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘‘කලබලයක් ඇති කිරීමේ අරමුණින් කරන ලද දුෂ්ට ක්‍රියාවක්’’ යැයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රික මෝටර් රථයකට 2012 වසරේ පෙබරවාරි මාසයේ දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
- ඒ.එෆ්.පී.
055