නවසීලන්ත අගමැති චීනයට යද්දී ගුවන් යානය කැඩිලා


නවසීලන්ත අගමැති ක්‍රිස් හිම්කිංස් ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක්, චීනයේ නිල සංචාරයකට යද්දී අකරතැබ්බකට මුහුණ දුන්නේය. ඒ, ඔහුගේ නිල ගුවන් යානයේ දෝෂයක් හට ගැනීමෙනි.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ගමන් කරමින් සිටියේ, එරට ගුවන් හමුදාවට අයත් බෝයිං 757 ගුවන් යානයකිනි. චීනයේ බෙයිජීං අගනුවරට ළං වීමට පෙර මෙම යානය දෝෂයකට ලක් විය. යානය මැනිලා නුවරට ආරක්ෂිතව ගොඩබෑම සිදුවිය.

ඒ අනුව, හදිසියකදී භාවිතයට ගන්නා නවසීලන්ත ගුවන් හමුදාවේ තවත් බෝයිං 757 ගුවන් යානයක් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිතයන් පිරිස චීනයෛ් බෙයිජීං අගනුවරට රෑගෙන ගියේ යැයි පැවැසෙයි.