නවසීලන්ත අගමැතිනිය ඇමෙරිකාවේ සංචාරයක


ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින්, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ ද අරමුණින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ඇමෙරිකාවට පැමිණ සිටී.

ඇමෙරිකාව සහ නවසීලන්තය අතර වෙළෙඳ සහයෝගීතා ගිවිසුමක් 2017 වසරේ දී, ඇමෙරිකාවේ අවශ්‍යතාව අනුව එය වෙනස් විය. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර ඇත්තේ එම වෙළෙඳ ගිවිසුම යළි ස්ථාපිත කිරීමට උත්සාහ ගන්නා බවය.

“ඇමෙරිකාව ආසියානු කලාපයට ආර්ථිකමය වශයෙන් සම්බන්ධ වීමට උත්සාහ ගන්නවා. ආසියානු කලාපීය රටවල් රැසක් සමඟ ආයෝජන සහ වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. ඔවුන්ට නවසීලන්තය සමඟත් නව වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට අවස්ථාව තිබෙනවා.” යැයි වොෂින්ටන් අගනුවරදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබේ.

(රොයිටර්)