නවසීලන්ත අගමැතිනියට ’කොවිඩ්’


නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වී තිබේ. අගමැතිනිය නියමිත එන්නත් මාත්‍රා ලබා ගත් අයෙකි.

අගමැතිනියගේ රෝගී තත්ත්වයන් බරපතල නොවන බවත්, ඇය දින 7 ක් නිරෝධායනයේ පසුවනු ඇති බවත් නවසීලන්ත රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අගමැතිනියගේ සහකරු වන ක්ලාක් ගේෆෝඩ් ද 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වී ඇත. 

මේ වනවිට නවසීලන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින්නේ සංකූලතා අඩු බව පැවැසෙන ඔමික්‍රෝන් 'කොවිඩ් 19' විකෘතියයි. එහෙයින් ආසාදිතයන් වාර්තා වුවත් සෞඛ්‍ය තහිංචි ලිහිල් කිරීමටත් රට අදියරෙන් අදියර ලෝකයට විවෘත කිරීමටත් නවසීලන්ත රජය පියවර ගෙන තිබේ.

ලබන ජූලි මාසයේ සිට නවසීලන්තය සම්පූර්ණයෙන් ම විදේශිකයන් සඳහා විවෘත කෙරෙනු ඇත.

(එන්.ඩී.ටීවී.)