‘කොවිඩ්-19’ වසංගතයේ පාලනය සීමා කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් අද (28) ප්‍රකාශ කළාය.
නවසීලන්ත ආර්ථිකයෙන් සියයට 75ක් පමණ විවෘත කරන බවත් අද දිනයේදී නවසීලන්ත වැසියන් 400,000ක් පමණ රැකියාවලට පැමිණෙන බවත් ඇය කීවාය.
ආහාර රැගෙන යා හැකි කඩසාප්පු සහ ආහාර සේවා නැවත විවෘත කරන නමුත් නවසීලන්ත වැසියන් වෙනදාටත් වඩා පරෙස්සම් සහ විමසිලිමත් විය යුතු බවත් ඇය පැවැසුවාය.
‘‘කොරෝනා වයිරසය ආසාදනය වූ අය රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින දෙකත් 10ත් අතර දින කිහිපයක් ගන්නවා. ඒ නිසා අපි තවත් සති කිහිපයක් පරෙස්සම් විය යුතුයි. එසේ නොවුණහොත් අපි ලොක්ඩවුන් සීමා පැනවීමට පෙර සිටි තැනට නැවත යනවා. විශාල පිරිසක් රැකියාවලට පැමිණීමත් සමඟ අපි තවත් ගොඩක් පරෙස්සම් විය යුතුයි. වෙනදටත් වඩා විමසිලිමත් වෙන්න ඕනෑ’’ යැයි ඇය කීවාය.
‘‘අපි කොරෝනා අවදානම තුන්වැනි මට්ටමට පහළ දමා තිබෙනවා. නවසීලන්තයේ රැකියා කරන ජනගහනය ලක්ෂ දහයක්. එයින් 400,000ක් අද සිට රැකියාවලට යනවා. අපේ ආර්ථිකයෙන් සියයට 75ක වැඩ සිදුවෙනවා. ගොඩනැගිලි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ සිදුවෙනවා. නිෂ්පාදන කටයුතු මෙන්ම වන කළමනාකරණ කටයුතු සිදුවෙනවා. ඒ වගේම ස්පර්ශය සහ සබඳතා අවම සිල්ලර වෙළෙඳ කටයුතු ආරම්භ වෙනවා. ඒ වගේම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති අද සිට ආරම්භ වෙනවා’’ යැයි ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කීවාය.
‘ද ගාඩියන්’
055