දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු, කිරුළ හිමි තෙවැනි චාල්ස් රජු, තම රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම සඳහා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව විශේෂ උත්සව සංවිධානය කර තිබුණි.
එක්සත් රාජධානියේ පමණක් නොව කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය 32ක රාජ්‍ය නායකයා ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජිනය. 96 හැවිරිදි දෙවැනි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වීමෙන් පසු ඇගේ වැඩිමල් පුතු චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු ලෙස රජකමට පත්විය.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න්ගේ ප්‍රධානවත්වයෙන් වෙලිංටන් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැති උත්සවයේ දී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ 'තෙවැනි චාල්ස් රජු නවසීලන්තයේ රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නවා' යන්නය. මහ රැජිනගේ අභාවයත් සම නවසීලන්තය නව යුගයකට පිය නඟනවා යැයි ද අග්‍රාමාත්‍ය එර්ඩර්න් පැවැසුවාය.
ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් කැන්බරා නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයේ දී තෙවැනි චාල්ස් කුමරු ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම සිදුවිය.
එම අවස්ථාවට ආණ්ඩුකාර ඩේවිඩ් හාර්ලි ද එක් වී සිටියේය. ඕස්ට්‍රේලියා ආරක්ෂක හමුදාව තෙවැනි චාල්ස් රජුට ගෞරව දක්වමින් හමුදා උත්තමාචාර පැවැත්වීමට ද කටයුතු කළේය.
(රොයිටර්)