නවසීලන්තයේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය ඉතා දරුණු බවත්, නවසීලන්ත වැසියන් වාර්තාගත අනුපාතයකින් ‘කොවිඩ් 19’ වයිරසයට බිලි වන බවත් එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
‘කොවිඩ් 19’ වයිරසයට බිලවන වැඩි දෙනා නවසීලන්තයේ වැඩිහිටි පරපුර යැයි ද සෞඛ්‍ය බලධාරීන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. නවසීලන්තයේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතියේ බිහිසුණු උප විකෘති හේතුවෙනි.
ගතවුණු පැය 24 ඇතුළත ‘කොවිඩ් 19’ ආසාදනය වීමෙන් මියගිය ගණන 26 ක් යැයි නවසීලන්ත සෞඛ්‍ය අමත්‍යාංශය අද (22) නිකුත් කළ නිවේදනයක දැක්විණි. මියගිය සියලු දෙනා අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී ඇත.
(රොයිටර්)