නවසීලන්තයෙන් නව කොරෝනා හෙවත් 'කොවිඩ්-19' වයිරස ආසාදිතයකු හමු වී ඇත.
විදෙස් ගතව සිට පැමිණි කාන්තාවකට මෙලෙස වයිරසය ආසාදනය වී ඇතැයි ද ඇය මේ වනවිට රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු අර ඇතැයිද නවසීලන්ත සෞඛ්‍ය බලධාරිහු කීහ.
මේ අනුව නවසීලන්තයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන 11කි. ඔවුහු සියලු දෙනාම විදෙස් ගතව සිට පැමිණි අය වෙති.
එම 11 දෙනාගෙන් නව දෙනකු හඳුනාගෙන ඇත්තේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලදී ය.
අනෙක් දෙදෙනා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි අය වන අතර සෞඛ්‍ය බලධාරීන්ට ඔවුන් දෙදෙනා මඟහැරී ඇත. අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඥාතියකු බැලීම සඳහා ඔවුන් දෙදෙනා නවසීලන්තයට පැමිණ ඇත.
ඔවුන් දෙදෙනා 'කොවිඩ්-19" පරීක්ෂණයකට යොමු කිරීම නිලධාරීන්ට මඟහැරී ඇත.
විදෙස් ගතව සිට පැමිණෙන ඕනෑම අයකු දින 14ක අනිවාර්ය නිරෝධායනයට යොමු විය යුතු යැයි නවසීලන්තය නියෝග කර ඇත.
ද ගාඩියන්
(055)
නවසීලන්තයේ කොරෝනා ආසාදිතයින් ගණන 11 දක්වා ඉහළට
Recommended Articles