නව්ජෝත් සිං පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි


පන්ජාබ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂ ප්‍රධානියා ලෙස කටයුතු කළ නව්ජෝත් සිං සින්දු එම ධුරයෙන් ඉවත් වීමත් සමඟ, කොංග්‍රස් පක්ෂයේ නායකයන් සිවුදෙනකු සිය තනතුරුවලින් ඉවත් වී ඇත.

පන්ජාබ් ප්‍රාන්තයේ කැබිනට් අමාත්‍යවරියක ලෙස මීට දින දෙකකට පෙර දිවුරුම් දුන් රාසියා සුල්තානා ද, නව්ජෝත් සිං සින්දුට සහාය පළ කිරීමක් ලෙස අද සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

පන්ජාබ් ප්‍රාන්තයේ අනාගතය සහ න්‍යාය පත්‍රය අනතුරු හෙළිය නොහැකි බව පවමින් නව්ජෝත් සිං සින්දු ඉකුත් දා කොංග්‍රස් පක්ෂයේ පන්ජාබ් ප්‍රාන්ත නායකත්වයෙන් ඉවත් විය.

නව්ජෝත් සිං සින්දු පන්ජාබ් ප්‍රාන්ත පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ කොංග්‍රස් පක්ෂ නායකයන් සිවුදෙනකු මේ වනවිට සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇති අතර කෙසේ නමුත් තමන් පක්ෂයට සිය උපරිම දායකත්වය දෙන බව ද පවසා ඇත. පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ට ලිපියක් යවමින් නව්ජෝත් සිං සින්දු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

(එන්.ඩී.ටීවී)