න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රැඳවීමේ අදහසක් නෑ - පුටින්


ඇමෙරිකාව මෙන්, න්‍යෂ්ටික අවි පෘථිවි කක්ෂයට ඉහළ අභ්‍යවකාශයේ රැඳවීමට තමන්ට හැකියාව ඇති නමුත්, එසේ කිරීමේ කිසිදු අදහසක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවේ, අභ්‍යවකාශයේ න්‍යෂ්ටික මිසයිල රැඳවීමට රුසියාවට හැකියාව ඇතැයි ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කිරීමත් සමඟය.

රුසියාව එසේ, න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශයේ රඳවන්නේ නම් එය ජාත්‍යන්තර අභ්‍යවකාශ ගිවිසුම උල්ලංඝනය කිරීමක් යැයි ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කටයුතු සම්බන්ධ ප්‍රකාශක ජෝන් කර්බි පවසා තිබේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ ගිවිසුමට රුසියාව, ඇමෙරිකාව ඇතුළු රටවල් 130 ක් අත්සන් කර ඇත.

(ඒ.එෆ්.පී.)