සෞරගඟ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්‍රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය රොබෝ යානයක් යැවීමට සූදානමින් සිටියත්, එය ලබන ඔක්තෝබර් 12 වැනිදා තෙක් කල් දැමුණු බව පැවැසෙයි.
‘සයිකී 16’ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක පටියේ පාමෙන් පවතින ග්‍රහකයකි. සාමාන්‍යයෙන් ග්‍රහකවල අඩංගු වන්නේ පාෂාණ සහ අයිස් ය. එහෙත්, ‘සයිකී 16’ ග්‍රහකයේ ඇත්තේ රත්තරන් ද ඇතුළු මිල කළ නොහැකි වටිනා ලෝහ යැයි තාරතා විද්‍යාඥයන් තහවුරු කර තිබේ. නාසා ආයතනය එය වැඩි දුර ගවේෂණයට රොබෝ යානයක් යවන්නේ ඒ නිසාය.
‘සයිකී 16’ග්‍රහකය කැබැලි කර, මනුෂ්‍ය වර්ගයා අතරේ බෙදා දුන්නොත්, සෑම කෙනකුම බිලියනපතියකු වනු ඇති බව ද ග්‍රහකය කොතරම් වටිනවාදැයි පෙන්වා දෙමින් නාසා ආයතනය පැහැදිලි කර ඇත.
‘සයිකී 16’ ග්‍රහකය පළමුවෙන්ම සොයා ගැනීම සිදුවූයේ 1852 වසරේදීය. ග්‍රහකයේ පළල කිලෝ මීටර් 225 කි.
ග්‍රහකය ඇත්තේ අඟහරු සහ බෘහස්පති අතරේය. ‘සයිකී 16’ ගවේෂණවයට යැවෙන නාසා රොබෝ යානය ද නම් කර ඇත්තේ ‘සයිකී’ යනුවෙනි. එය ලබන ඔක්තෝබර් 12 වැනිදා අභ්‍යවකාශයට රැගෙන යෑම සිදු කරනු ඇත්තේ, ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ෆෝල්කන් හෙවී’ රොකට්ටුවකිනි.
ස්තුතිය - නාසා ආයතනයට