නිව් හැම්ප්ෂයර් ජනපද ජය ට්‍රම්ප්ට


 

ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ජනපද මට්ටමින් පැවැත්වෙන මැතිවරණයේදී, නිව් හැම්ප්ෂයර් ජනපදය ජය ගැනීමට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සමත්විය. ඒ, ඔහුට අභියෝග කළ රිපබ්ලිකන් අපේක්ෂිකා නිකී හේලි පරාජය කරමිණි.

මේ වනවිට, ජනපද දෙකක මැතිවරණ බල මණ්ඩල ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් වී සිටී. ට්‍රම්ප් මීට පෙර ජයග්‍රහණය කළේ අයෝවා ජනපදයයි.

ලබා ගත් මෙම ජයග්‍රහණ සමඟ එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා වන වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට, අභියෝග කිරීමට ට්‍රම්ප්ට හැකි වනු ඇතැයි පැවැසෙයි.