නෙදන්යාහු ඇමෙරිකන් කොංග්‍රසය අමතයි


‘ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, අපේ පමණක් නොවෙයි, ඔබලාගේ (ඇමෙරිකාවේ) සතුරෝ. හමාස් සටන්කාමීන්ට සහාය දක්වන ඉරානයත් ඊශ්‍රායලයේ පමණක් නොවෙයි ඔබේත් සතුරෙක්. අප ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ලබන ජයග්‍රහණය, ඔබ (ඇමෙරිකාව) ලබන ජයග්‍රහණයක්’ යැයි කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු කොංග්‍රස් මණ්ඩලය ආමන්ත්‍රණය කරද්දී, වොෂින්ටන් අගනුවර ඊශ්‍රායල විරෝධී විරෝධතා රැලි පැවැත්විණි. එම විරෝධතා සංවිධානය කර තිබුණේ පලස්තීන හිතවාදීන්ය.

(ඒ.එෆ්.පී.)