යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු පමණක් නොව, ඊශ්‍රායල හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ට ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇතැයි පැවැසෙයි.
නෙදන්යාහුටත් යෝව් ගැලන්ට්ටත් මෙම චෝදනා එල්ල වී ඇත්තේ, ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර මුල්කොට ගනිමිනි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය පෙන්වා දී ඇත්තේ, නෙදන්යාහු සහ ගැලන්ට් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ බව දැනදන ගාසා තීරයට පහර දීමට පියවරගත් බවට ප්‍රබල සාක්ෂි තමන් සතු බවය.