යටත් විජිත සමයේ, සිදුවුණු අපරාධ සම්බන්ධයෙන්, නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් සමාව ඉල්ලීමක් කළේය. නෙදර්ලන්තය හෙවත් ඕලන්දය වනුවෙන් හැඳින්වෙන්නේ ලන්දේසීන්ය.
වසර 250 ක කාලයක් තිස්සේ ලන්දේසීන් වහල් සේවයේ යෙදීම, ‘මනුෂ්‍යත්වයට එරෙහිව කළ අපරාධයක්’ ලෙස තමන් සලකන බව ද සමාව ඉල්ලමින් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නෙදර්ලන්ත රජය මෙසේ නිල වශයෙන් සමාව ඉල්ලීමක් කළේ යුරෝපා රටවල යටත් විජිත සහ වහල්භාවය අවසන් වී වසර 150 ක් ගතවීමෙන් පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
ලන්දේසීන් ඔවුන් විසින් යටත් විජිත කරගත් රටවල 6,00,000 කට වැඩි පිරිසක් වහලුන් ලෙස තබා ගත්තේය. නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට්, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ හේග් අගනුවර නෙදර්ලන්ත ජාතික ලේඛනාගාරයේ පැවැති විශේෂ උත්සවයේදීය.
නෙදර්ලන්ත රාජධානිය, නිල වශයෙන් හැඳින්වෙන්නේ නෙදර්ලන්තය යන නමිනි. නෙදර්ලන්තයේ රජු විලියම් ඇලෙක්සැන්දර්ය. නෙදර්ලන්තය උතුරු දකුණු ඕලන්දය යනුවෙන් පළාත් දෙකක් එක් වී නිර්මාණය වෙයි.
නෙදර්ලන්තයට ඕලන්දය යනුවෙන් හැඳින්වෙන්නේ මේ නිසාය. ශ්‍රී ලංකාව ලන්දේසීන්ගේ යටත් විජිතයක් බවට පත්වූයේ 1658-1796 දක්වා කාලයේය.
(ඒ.එෆ්.පී.)