නෙදර්ලන්තයේ පාසල් දරුවන්ට ෆෝන් තහනම්


2024 ජනවාරි පළමු වැනිදා සිට, නෙදර්ලන්තයේ පංති කාමරවලින්, ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ස්මාර්ට් වොච් තහනම් කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ

පංති කාමරවල අධ්‍යාපනය ලබමින් සිටිද්දී දරුවන්ගේ අවධානය වෙනකට යොමු වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව නෙදර්ලන්ත බලධාරීන් පැහැදිලි කර තිබේ.

ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ස්මාර්ට් වොච් භාවිතයට අවසර හිමිවනු ඇත්තේ ඩිජිටල් කුසලතා පාඩම්වලදී සහ වෛද්‍ය හේතූන්මත හෝ ආබාධ සහිත දරුවන්ට පමණක් බව ද පැවැසෙයි.

“ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ස්මාර්ට් වොච්වලින් අපට මිදෙන්න බෑ. එසේ කළ යුතු නෑ. අපේ ජීවිත පහසු කරගන්න ඒවා ඕනෑ. දරුවන්ට පාසලට ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ස්මාර්ට් වොච් රැගෙන ඒමට අවසරයි. නමුත් පංති කාමරයේ පාඩම් කටයුතු අතරතුරේ ඒවා භාවිතයට ගන්න අවසර දෙන්නේ නෑ’ යැයි රොබට් දිජ්ග්‍රාෆ් පවසා ඇත.