දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ සහ විනී මැන්ඩෙලාගේ බාල දියණිය වන සින්ඩ්සි මැන්ඩෙලා මියගොස් තිබේ.
මියයනවිට සින්ඩ්සිගේ වයස අවුරුදු 59කි.
ඇය දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේ රෝහලකදී මියගිය බවත් මරණයට හේතුව අනාවරණය වී නොමැති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
මියයන විට ඇය ඩෙන්මාර්කයේ දකුණු අප්‍රිකානු තානාපති ලෙස සේවය කරමින් සිටියාය.
සින්ඩ්සි මැන්ඩෙලා, නෙල්සන් මැන්ඩෙලාගේ හයවන දරුවා වන අතර මැන්ඩෙලාගේ දරුවන් අතරින් මේ වනවිට ජීවත් වන්නේ දෙදෙනකු පමණි.
(බීබීසී ඇසුරිණි - 085)